• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition
You are here: Home / SAITM ගැටළුව – වෛද්‍ය විද්‍යාලයයි සයිටම් එකයි සමාන නැහැ

SAITM ගැටළුව – වෛද්‍ය විද්‍යාලයයි සයිටම් එකයි සමාන නැහැ

March 14, 2017 By Hiran Leave a Comment

වෛද්‍ය විද්‍යාලයයි සයිටම් එකයි සමාන නැහැ – මහාචාර්ය හිරාන් අමරසේකර මව්බිමට කියයි

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ නොවුණත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට සමාජයෙන් විරෝධයක් එල්ලවෙනවා. ඒ ඇයි?
අනෙක් විශ්වවිද්‍යාලවලින් ලැබෙන්නේ උපාධියක් විතරයි. ඒ උපාධියට රැකියාවක් සොයා ගැනීමේ වගකීම ඒ උපාධිධාරීන් විසින් කළයුතු වැඩක්. නමුත් වෛද්‍ය ශිෂ්‍යයකුට උපාධිය ලැබීමට අමතරව රජයේ වෛද්‍යවරයකු වශයෙන් රැකියාවකුත් ලැබෙනවා. ඒකයි මෙතැන ලොකු ගැටලුව. අනෙකුත් උපාධිවලට රැකියා දෙන සේවා යෝජකයන් එම උපාධිවල ගුණාත්මක බව බලනවා. රජයේ වෛද්‍යවරයකු ලෙස බඳවා ගන්නකොට එහි ගුණාත්මකභාවය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සොයා බලනවා. රෝගීන් කියන්නේ හඬක් නැති පිරිසක්. ඔවුන් දන්නේ නැහැ රෝහලකට යන්නේ මොන රෝගයටද කියලා. රෝග සොයා ගැනීමේ ශාස්ත්‍රය ඉතාමත් සංකීර්ණ වැඩක්. ඒ වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. වෛද්‍ය සභාවේ නිර්ණායක අනුව තමයි වෛද්‍යවරයකු වෙන්න ඕන සහ වෛද්‍යවරයකු ලෙස පුහුණුව ලබන්න ඕන. මෙතැන ගැටලුව වෙන්නේ උපාධිය ලබන එක නෙවෙයි. දැනටත් සයිටම් උපාධිය දීලනේ තිබෙන්නේ. ඉතිං ඔවුන්ට ඕන තැනක වෛද්‍යවරයකු ලෙස යන්න කියන්නකෝ. ඔවුන්ට යන්න බැහැ. යන්න බැරි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය නැති නිසා.

සයිටම් ආයතනයෙන් කණ්ඩායම් කිහිපයක් උපාධි ලබාගෙන අවසන්. ඔවුන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි නේද..?
මුල සිටම ලංකාවේ වෛද්‍යවරයකු වීමේ නිර්ණායක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෙබ් අඩවියේ දාලා තියෙන්නේ. අවම සුදුසුකම් මොනවාද එස්.එල්.සී.එම්. එක අනුමත කර ඇති ලෝකයේ විශ්වවිද්‍යාල මොනවාද යනාදිය. ගිය අවුරුද්දේ බංග්ලාදේශයේ එක්තරා විශ්වවිද්‍යාලයකට වෛද්‍ය සභාවේ අනුමැතිය අහිමි වුණා. සයිටම් ආයතනය පිළිබඳව මුල සිටම ජනතාව දැනුවත් කළා. පුවත්පත් නිවේදන දැම්මා. මුල සිටම සයිටම් එක ගැන දැනුවත් කළත් ළමයි ඒකට ඇතුළත් වුණා.
එහෙත් දැන් ඇතුළත් වී සිටින ළමයින්ට සාධාරණයක් ඉටු විය යුතුයි?
ඇතුළුවෙලා සිටින ළමයින්ට සාධාරණයක් රජය විසින් ඉටු කරන්න ඕන. රජයේ යම් යම් ක්‍රියාමාර්ග නිසානෙ මේක පිහිටෙව්වේ.

සයිටම් ළමයින්ගේ මවුපියන් පවා මේ නිසා සිටින්නේ අසරණ තත්ත්වයක නේද..?
බස් ගැමුණු තමයි සයිටම් ගැන කෑගහන්නේ. ඒකත් හරි ඛේදවාචකයක්. ඒකට සයිටම් ළමයි එන්නෙත් නැහැ. බොහෝ මවුපියන් එන්නෙත් නැහැ. මං දන්න මවුපියෝ ඉන්නවා. ඔවුන් එළියට එන්නේ නැහැ. ගැමුණුයි එළියට එන්නේ. ලංකාවේ යමක් දිනා ගන්න පුළුවන් චණ්ඩිකාර විදිහකින් මාධ්‍ය ඇමතුවොත් කියලා හිතන්නේ. වෛද්‍ය සේවය වගේම නිදහස් ප්‍රවාහන සේවයට වුණු වැඩේ බලන්න. හවස හයෙන් පස්සේ ප්‍රයිවට් බස් එකක් ගමට යනවාද බලන්න. මාර්ග නීති කඩන්න එපා කීවාම අපට නීති කඩ කඩා පාරේ යන්න ඕන කියලා ස්ට්‍රයික් කළා.
ඕනම ළමයකුට සිහින තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ ළමයින්ගේ පැත්තෙන් බලන්න කියන්න. තමන්ට ලැබෙන අධ්‍යාපනය හොඳද..? තමන්ට නිසි අධ්‍යාපනයක් ලැබෙනවාද..? කියලා බලන්න. බැලුවේ නෑනේ ඒ අය. ඒ නිසා දැන්වත් බලන්න. චණ්ඩිකමෙන් ගන්නේ නැතුව නිසි විදිහට කටයුතු කරන්න. ලෙඩක් ගැන ප්‍රායෝගික පුහුණුවීම් නිසි ලෙස කරන්න ඕන. නිසි ලෙඩුන් ගණනක් පරීක්ෂා කරලා පුහුණුව ලබාගන්න ඕන.
දැනට ඔය උපාධිය ලක්ෂ 120 යි කියන්නේ දැන්. තවම වෛද්‍යවරු එක්කෙනකුවත් බිහිනොකර ලක්ෂ 120ක් අය කරනවා. වෛද්‍යවරු බිහිවුණොත් එහෙම කීයක් වෙයිද දන්නේ නැහැ. අහිංසක දුප්පත් ජනතාවට ලංකාවේ මොකක්වත් තැනක් නැහැනේ. කතිරෙ ගහන දවසට විතරයි ඔවුන්ට තැන ලැබෙන්නේ.

සයිටම් ආයතනයට නිසි සායනික පුහුණුව නැහැ කියලද ඔබ කියන්නේ..?
ඒ ආයතනය මුල සිට ක්‍රියාත්මක වුණේ වංචනික ලෙසයි. ඒකයි මේ ප්‍රශ්නය වුණේ. නියමිත අධ්‍යාපන නිර්ණායක අනුව පවත්වාගෙන ගියා නම් ගැටලුවක් නැහැ. අපේ විශ්වවිද්‍යාලවලත් සමහර ළමයි ඉන්නවා උපාධිය අද දුන්නත් අරගෙන යන්න ලෑස්තියි. ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය කියන්නේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම පමණක් නෙවෙයි. අද ලංකාවේ මානව හිමිකම් දර්ශක සහ අධ්‍යාපන දර්ශක කඩා වැටෙනකොට වෛද්‍ය දර්ශක ඉතාමත් ඉහළයි. කුඩා පිරිවැයකින් අපේ රට ලබාගෙන ඇති වෛද්‍ය දර්ශක හුඟක් ඉහළයි. ළදරු මරණ අනුපාතය කලාපයෙන්ම අඩු රටක් මේක. වසංගත රෝග තුරන් කරපු රටක්. පෝලියෝ රෝගය ඉන්දියාවට කලින් තුරන් කරපු රටක්. මේවා කරන්න පුළුවන් වුණේ ලංකාවේ තිබෙන ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනය සහ ගුණාත්මක වෛද්‍යවරුන්ගේ කැපවීම නිසා. මෙහෙම තිබුණු රටක් එක ආයතනයක් නිසා කඩා වැටෙන්න දෙන්න බැහැ.
රජය වුණත් ධනාත්මක පැත්තෙන් මේ ගැන බලන්න ඕන. කවුරු වුණත් මේ ආණ්ඩු පෙරළන්න හදන වැඩක් නෙවෙයි. අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බව රැක ගැනීමට තිබෙන එක අවස්ථාවක් මේක. මේක මේ විදිහට ගියොත් සෞඛ්‍ය දර්ශකත් ඉවර වෙනවා. අධ්‍යාපන දර්ශකත් ඉවර වෙනවා.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හෙවත් රාගම වෛද්‍ය විද්‍යාලය ජනසතු කළා. මේ ආයතනයත් එහෙම කරන්න බැරිද..?
උතුරු කොළඹ වෛද්‍ය පීඨය මීට හාත්පසින්ම වෙනස්. ඒ කාලේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා කීවා උතුරු කොළඹ වෛද්‍ය පීඨයේ ළමයින්ගේ ගුණාත්මක බව හොඳයි කියලා. එවකට ආණ්ඩු එස්.එල්.එම්.සී. එක හරහා සයිටම් අනුමත කරවා ගන්නට කාලෝ ෆොන්සේකා දැම්මාදැයි දන්නෙත් නැහැ. සයිටම් ආයතනයේ තත්ත්වය ඉතාම නරකයි කියලා මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ සභාපතිත්වයෙන් කටයුතු කරන එස්.එල්.එම්.සී. ස්වාධීන ආයතනය දන්නවා. ඒ අය පෞද්ගලික අධ්‍යාපනයටත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයටත් විරුද්ධ අය නෙවෙයි. සයිටම් ආයතනයේ ක්‍රියා කරන සහ ගුණාත්මක බව පිළිබඳව තිබෙන ප්‍රශ්නයක් තිබෙන්නේ. සයිටම් ගුණාත්මක ආයතනයක් කරන්න කියලයි වෛද්‍ය සභාව කියන්නෙත්.

සයිටම් එකට විරුද්ධව වුණාට කොතලාවල වෛද්‍ය පීඨයට විරුද්ධ නැහැ කියලත් චෝදනාවක් තිබෙනවානේ..?
කොතලාවල වෛද්‍ය පීඨය කියන්නේ හමුදාවේ යුද සෙබළුන් හදන තැනක්. ඒකට වෛද්‍ය සභාවේ අනුමැතිය තිබෙනවා. ඒක මේ වගේ ගසා කන ආයතනයක් නෙවෙයි. ඒකට හොඳ සේවක මණ්ඩලයක් තිබෙනවා. මුල සිට සායනික පුහුණුව දෙනවා. හමුදා රෝහල්වල ලෙඩ්ඩු ඉන්නවා. කොතලාවල වෛද්‍ය පීඨයේ සිසුන් සාමාන්‍ය රෝහල්වල සායනික පුහුණුවට එවන්නෙත් නැහැ. අනික කොතලාවල පීඨයට නිකම් ගන්නේ නැහැ. ඉසර්ඩ් කෝ ලකුණු බලලා ගන්නේ.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සායනික පුහුණුව ලබාදෙන්න ප්‍රමාණවත් තරම්

පහසුකම් හා ලෙඩුන් නැති නම් රජයේ රෝහල් යොදා ගන්න පුළුවන් නේද..?
රෝගියකුට යම් අයිතියක් තිබෙනවා. සිසුන් ගිහින් අසාධ්‍ය රෝගියකු අතගාන්න ගියාම ඒ රෝගියාගේ අයිතිවාසිකම් බිඳවැටෙනවා. අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් නිදහස් නිසා වෛද්‍ය ශිෂ්‍යයන්ට මේ අවස්ථාව දැන් ලැබිලා තිබෙන්නේ. එහෙම නම් නවලෝක වැනි පෞද්ගලික රෝහල්වල රෝගීන් පරිහරණය කරන්න යන්න පුළුවන්නේ. එහෙම අවස්ථාව දෙන්නේ නැහැ. සිසුන්ට පරීක්ෂා කරන්න ඕන නම් රෝගියාට ගාණක් දෙන්න වෙනවා. හැම රටකම එහෙම ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.

නමුත් විදෙස් රටවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන එන්න අවසර තිබෙනවානේ…?
එස්.එල්.එම්.සී. එකෙන් අනුමත කරපු විදෙස් විශ්වවිද්‍යාලවලින් ඉගෙන ගෙන ආවොත් මෙහෙ වෛද්‍යවරයකු බවට පත්වෙන්න පුළුවන්. ඒ ඇවිත් ඇක්ට් 16න් විභාගයට මුහුණ දීලා එයින් සමත් වෙන්න ඕන. ඒක දැන් හඳුන්වන්නේ ඊ.පී.එම්.ආර් එම් කියලා. එයින් සමත් වෙන එක ලේසි නැහැ. බොහොම සුළු සංඛ්‍යාවක් සමත් වෙන්නේ.

රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවලින් බිහිවෙන බොහෝ වෛද්‍යවරුන් අපේ රටේ රැඳෙන්නේ නැහැ. අපේ රටේ අවශ්‍ය තරම් වෛද්‍යවරු ඇත්තෙත් නැහැ.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ ගැටලුවට විසඳුමක් නේද..?
ලංකාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවලින් බිහිවන වෛද්‍යවරු පිටරටවලට ගත්තට මේ ළමයින්ව මොන රටකින්වත් ගන්නේ නැහැ. ඔවුන්ට නිසි පුහුණුවක් නැහැනේ. වෛද්‍ය හිඟයට නිසි ප්‍රමිතියකින් යුතු වෛද්‍යවරු හැදීම එයට විසඳුමයි.

දේශීය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම ලංකාවේ මුදල් පිටරටට යෑමත් වළකාගන්න ක්‍රමයක් නේද…?
අනිත් හැම එකක්ම ගෙන්වන්නෙත් පිටරටින් නේද…? හාලුත් ගෙන්වන්නේ දැන් පිටරටින්. මුදල් ගැටලුවක් නෙවෙයි. ගුණාත්මකභාවය රැකෙන්නයි ඕන.

දිස්ත්‍රික් කෝටාවලින් වැඩි ප්‍රතිඵල ලැබෙන ළමයින්ට වෛද්‍ය විද්‍යාලවල වරම අහිමි වෙනවා. ඒකටත් විසඳුමක් නේද මේ..?
රජය විසින් ඒ සඳහා පිළියම් දෙන්න ඕන. හැම ළමයකුටම ඉගෙන ගන්න අවස්ථාව දෙන්න ඕනනේ. නිසි ප්‍රමිතියක් යටතේ ඒක කරන්න ඕන.
http://www.mawbima.lk/print20170101MB20170331.php?id=9015 — with Dr Hiran Amarasekera.

Share this:

  • Click to share on Twitter (Opens in new window)
  • Click to share on Facebook (Opens in new window)

Comments

comments

No related posts.

Filed Under: Uncategorized

Reader Interactions

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Primary Sidebar

Search

Student Lanka online shop

Recent Comments

  • Hiran on Download or read Biology 2020 New Edition resource books free
  • Yasiru on A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
  • Gayansa Gunathilaka on Guide to select 2025 A/L Subjects, Tuition Teachers and Classes.
  • yuhasa on Olympiad past papers – Biology, Physics, Astronomy, Science, Maths, Informatics
  • nira on Download or read Biology 2020 New Edition resource books free

Recent Posts

  • The Best AI Tools for Students and Professionals in 2025
  • How to Humanize AI Content: The Ultimate Prompt and Advice
  • AI-Powered Deep Dive: Rebuilding Sri Lanka After Cyclone Ditwah & The 2025 Landslides
  • Future-Proof Your Degree: MIT’s Free Courses for AI-Era Employability
  • Guide to Ocean University of Sri Lanka – Applications Now Open for 2025!

Copyright © 2025 studentlanka.com. All Rights Reserved.