නව සද බැලීම
අභිනව චන්ද්‍ර වංශය සදහා අප්‍රේල් මස 08 වන සිකුරාදා ද , අභිනව සුර්ය වංශය සදහා මැයි මස 08 වන ඉරිදාද නව සද බලනු මැනවි .
පරණ අවුරුද්ද සදහා ස්නානය
අප්‍රේල් මස 13 වන බදාදා දින කොහොබ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කරනු මැනවි .
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 07:48 ට්ස් සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි .
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 01:24 සිට අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පුර්වබාග 02:12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වෙනි බදාදා අපරභාග 01:24 ට පළමුව ආහාර අනුබව කොට සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද , පනය කාලයේ අපර කොටස තුල එනම් , අප්‍රේල් 13 වෙනි බදාදා දින අපර භාද 07:48 සිට අප්‍රේල් 14 වෙනි බ්‍රහස්පතින්දා පුර්ව භාග 02:12 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා අහාර අනුබවය ආදී චාරිත්‍ර විදි ඉටු කිරීම ද මැනවි .
ආහාර පිසීම
අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 08:06 ට ලා කොළ පැහැති වස්ත්රාබරණයෙන් සරසි දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා , එළකිරි මිශ්‍ර කිරිබතක් ද , මුන් අට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගැනීම මැනවි .
වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා ආහාර අනුබහවය
අප්‍රේල් මස 13 වෙනි බදාදා අපරභාග 08:54 ට ලා කොළ පති වස්ට්‍රබරණයෙන් සරසි දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා , ගනිදෙනු කොට අහාර අනුභාවය් මැනවි .
comments
Choose the Right Tool for the Right Task Best AI tools 2025 studentlanka.com Today many…
Are you tired of your AI-generated assignments, emails, or reports sounding like a robot? Humanise…
A cinematic wide shot of a winding mountain road in Sri Lanka's central highlands, surrounded…
Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…
Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…
by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…