• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition
You are here: Home / අනඳ අභිමන් 125 සංවස්තර ප‍්‍රදර්ශනය 2012 මාර්තු 26 සිට 31 දක්වා

අනඳ අභිමන් 125 සංවස්තර ප‍්‍රදර්ශනය 2012 මාර්තු 26 සිට 31 දක්වා

March 26, 2012 By Hiran Leave a Comment

ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍යයින්ගේ දස්කම් හා විස්කම් විදහා දැක්වෙන ‘‘අනඳ අභිමන් 2012’’ ලෙස සංස්කෘතික හා වෙළඳ ප‍්‍රදර්ශනයක් මාර්තු මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා පාසල් භූමියේදී පැවැත්වේ.

වසර 125 ක අනාදිමත් ඉතිහාසයක සුවිශේෂී මතක සටහන් කියා පාන්නට ආනන්දීයයන් ලහි ලහියේ සූදානම් වෙති. පාසලකට වසර 125 ක් යනු දීර්ඝ කාල පරාසයකි. බෞද්ධ පුනර්ජීවනයෙන් පණ ගැන්වී සිංහලයේ ප්‍රමුඛ බොදු මහ විදුහල ලෙස පෝෂණය වූ ආනන්දය සැබැවින් ම අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙන්ම රටටම ආනන්දයකි. අනාදිමත් ඉතිහාසයක් ඇති ආනන්ද විදුහලේ මතක සටහන් දිග හැරෙන්නේ අනඳ අභිමන් ලෙසිනි.

වෙනස් වන ලෝකයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි කුසලතා පූර්ණ නිර්මාණශීලි චින්තනයෙන් හෙබි ආනන්දීයයන් බිහි කිරීම මේ ප්‍රදර්ශනයේ අරමුණය.

ආනන්ද විද්‍යාලයාධිපති එල්. එම්. ඩී. ධර්මසේන මහතා “…ළමයින්ගේ නිර්මාණශීලී කුසලතා ඇති කරන, අලුත් දේ හිතන්න පුරුදු කරවන වැඩ සටහනක ආරම්භය මෙයයි. වසර ගණනාවක් අපි අපේ දරුවන්ට බෞද්ධකම කියා දුන්නා. ඒ පසුබිම තුළින් අපි අපේ දරුවන් නව තාක්ෂණය ඔස්සේ තව තවත් ඉදිරියට රැගෙන ගියා. අන්තර්ජාතික තලයට සරිලන පරිදි නව තාක්ෂණය මුසු කරමින් නව නිෂ්පාදන කෙරේ දරුවන් යොමු කළ යුතුයි. විභාග සමත්වීම පමණක්ම ප්‍රමාණවත් නොවන බව දරුවන් අවබෝධ කැරගත යුතුයි. අලුත් දෙයක් ගැන හිතන්න දරුවන් පුහුණු කරවන තෝතැන්නක් ලෙස අනඳ අභිමන් ප්‍රදර්ශනය පවත්වන්නේ.”

මේ ප්‍රදර්ශනය සඳහා ක්‍රීඩා අංශයෙන් කබඩි, වොලිබෝල්. කරාතේ ද සංස්කෘතික අංශයෙන් අප අතරින් වියැකී යන පාසල් පෙළපොත්වල අඩංගු සොකරි, කෝලම් මෙන්ම රූකඩ සංදර්ශන ද ඇතුළත් ය. විනෝදාත්මක රසාස්වාදය උදෙසා මැජික් සංදර්ශන ද ප්‍රදර්ශන භූමියේ පැවැත්වෙයි.

මීට අමතරව ප්‍රදර්ශන කාලය තුළ සංගීත සංදර්ශන ද පැවැත්වෙන අතර ආදි ආනන්දීය කලා ශිල්පීන් මේ ප්‍රසංගවල ගී ගැයීම විශේෂයකි. හිටිවන කවි මඩු, චිත්‍ර හා මූර්ති දැක්ම මෙන්ම ‘තල මල පිපිලා’, ‘සිංහබාහු’ ‘කැලණි පාලම’, ‘චරන්දාස්’, ‘නරිබෑනා’ ආදි පාසල් අධ්‍යාපනයට ඉවහල් වන නාට්‍ය සංදර්ශන ද මෙම ප්‍රදර්ශන භූමියේ සෑම දිනකදීම දැකගත හැකිවීම විශේෂත්වයකි.

මේ ප්‍රදර්ශනය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ හත අටක් සිය දායකත්වය දක්වයි.

ප්‍රදර්ශනය සඳහා පාසල් සංවර්ධන සමිතිය ඇතුළු විවිධ සමිති, මෙන්ම ආයතන රැසක් දායකත්වය දක්වයි. ඒ අතර ආදි ආනන්දියන් නියෝජනය කරන ආදි ශිෂ්‍ය සංගමය ප්‍රධාන තැනක් ගනී.

Share this:

  • Click to share on Twitter (Opens in new window)
  • Click to share on Facebook (Opens in new window)

Comments

comments

No related posts.

Filed Under: Uncategorized

Reader Interactions

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Primary Sidebar

Search

Student Lanka online shop

Recent Comments

  • Hiran on Download or read Biology 2020 New Edition resource books free
  • Yasiru on A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
  • Gayansa Gunathilaka on Guide to select 2025 A/L Subjects, Tuition Teachers and Classes.
  • yuhasa on Olympiad past papers – Biology, Physics, Astronomy, Science, Maths, Informatics
  • nira on Download or read Biology 2020 New Edition resource books free

Recent Posts

  • The Best AI Tools for Students and Professionals in 2025
  • How to Humanize AI Content: The Ultimate Prompt and Advice
  • AI-Powered Deep Dive: Rebuilding Sri Lanka After Cyclone Ditwah & The 2025 Landslides
  • Future-Proof Your Degree: MIT’s Free Courses for AI-Era Employability
  • Guide to Ocean University of Sri Lanka – Applications Now Open for 2025!

Copyright © 2025 studentlanka.com. All Rights Reserved.