Tips for answering essay type questions in A/L Advanced Level or other examination papers.
1. ප‍්‍රශ්නය හොදින් කියවා එහි ප‍්‍රධාන විධානය හොදින් අවබෝධ කර ගන්න. නම් කරන්න, දක්වන්න, සදහන් කරන්න, ලැයිස්තුගත කරන්න, විස්තර කරන්න, පැහැදිලි කරන්න, සාකච්ඡ කරන්න යන ඒවායේ යම් වෙනස්කම් ඇත. Write your answer according to the main action verb such as Name, State, Describe, Explain, Discuss etc.
නම් කරන්න – සදහන් කරන්න – අදාළ නම් පමණක් ලිවීම ප‍්‍රමාණවත් වේ
විස්තර කරන්න/කෙටියෙන් විස්තර කරන්න – ව්‍යුහයක හෝ වෙනත් දෙයක විස්තරයක් ලිවිය යුතුය.
උදා: 2002 රචනා 3- මානව ශුක‍්‍රාණුවේ හා ඩිම්බයේ ව්‍යුහ ඒවා ඉටු කරන කෘත්‍යයන්ට අදාළව විස්තර කරන්න.
කෙටි සටහන් ලියන්න. නිර්දේශයේ කුඩා කොටසක් සම්බන්ධකොට අසන මෙවැනි ප‍්‍රශ්නයකට අසා ඇති ව්‍යුහයට/දෙයට අදාළ සියලූ කරුණු ලියන්න.
උදා: 2008 රචනා 6 – කෙටි සටහන් ලියන්න.
1. සජීව ෙසෙල තුළ ප්‍රෝටීනවල ව්‍යුහය හා කාර්යය
2. ජීව විශේෂවල විතැන් සංරක්ෂණය
3. ආමාශයික යුෂය
2. රචනා ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්නේ ලකුණු සම්මුතිවලට අනුව බැවින් එකම කරුණ නැවත ලිවීමකින් තොරව වැඩි කරුණු (Points) ප‍්‍රමාණයක් ලිවිය යුතුය. Write more points relevant to the topic.
උදා: 2002 රචනා 2 – ජෛව තාක්ෂණයෙහි ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිතය සුදුසු උදාහරණ සහිතව පැහැදිලි කරන්න.
මෙහිදී මධ්‍යසාර පැසීමේ කර්මාන්ත, විනාකිරි, ලැක්ටික් අම්ල පැසීමේ කර්මාන්ත, ප‍්‍රතිජීවක, එන්සයිම, ඇමයිනෝ අම්ල, එන්නත්, ආහාර පරිපූරක (SCP) ඉන්සියුලින්, ජෛව පළිබෝධනාශක, කෙ`දි කර්මාන්තය, ඍයහ‘දඉසමප ආක‍්‍රමණික, ජෛව ප‍්‍රතිකර්මකරණය, ජීව වායුව, කොම්පෝස්ට් වැනි කර්මාන්ත වැඩි සංඛ්‍යාවක් කෙටියෙන් පැහැදිලි කළ යුතුය. එක් කර්මාන්තයක් වැඩිපුර විස්තර කිරීම අනවශ්‍ය වේ.
3. ව්‍යුහයක්/ජීවන චක‍්‍රයක් විස්තර කිරීම/පැහැදිලි කිරීම ප‍්‍රශ්නවලදී විස්තරයට අමතරව සම්පූර්ණයෙන් නම් කළ රූප සටහනක් අදින්න.
Draw a diagram when explaining a structure.
4. කරුණට අදාළ නිශ්චිත පද භාවිත කළ යුතුය. Use specific words eg. External inter-coastal muscles
උදා: අන්තර්පර්ශුක පේශි වෙනුවට බාහිර අන්තර්පර්ශුක පේශි, කාටිලේජ මුදු වෙනුවට අසම්පූර්ණ කාටිලේජ මුදු ලෙස නිශ්චිත කරුණු ලිවිය යුතුය.
5. රචනා ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීමේදී 1, 2, 3 වශයෙන් ඉලක්කම් යෙදීම හෝ * ලකුණු ලෙස ලිවීම ලකුණු අඩුවීමට හේතු විය හැක. කෙටි සරල වාක්‍ය කුඩා ෙඡ්ද ලෙස ගොනු කිරීම වඩා යෝග්‍ය වේ. Do not write answers in point form.
6. බොහෝ අපේක්ෂකයන්ට අඩු ලකුණු ලැබීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ ප‍්‍රශ්නයක් හරිහැටි තේරුම් නොගැනීමයි. කියවා අවබෝධ කරගැනීමේදී ඔබට කොටස් අතපසුවේ නම්, ප‍්‍රශ්නයේ වැදගත් කොටස්වලට යටින් ඉරි අදින්න. ප‍්‍රශ්නයට එක්වරම පිළිතුරු ලිවීම ඇරඹීමට පෙර මුල් විනාඩි කිහිපය පිළිතුර සැලසුම් කොට අවශ්‍ය නම් දළ සටහනක් සකසා ගන්න. Understand the question before attempting to answer it.
7. ප‍්‍රශ්න පත‍්‍රය ගත් විගස එහි සියලූ ප‍්‍රශ්න එක් වරක් උඩින් කියවන්න (Glance කරන්න). පසුව පහසු ප‍්‍රශ්න හැකි තරම් ඉක්මනින් නිම කොට අපහසු, ව්‍යාකූල යැයි හැෙ`ගන ප‍්‍රශ්න සදහා කාලය ඉතිරි කරගන්න. Do easy questions first.
8. ඕනෑම ප‍්‍රශ්නයක මුල් ලකුණු 50% බොහොම පහසුවන අතර, ඉතිරි ලකුණු ප‍්‍රමාණය ලබාගැනීම තරමක් දුෂ්කර වේ. මේ නිසා ඔබට වෙලා මදි වුවහොත් ප‍්‍රශ්න 1/2/3 සම්පූර්ණයෙන්ම වැඩි වෙලා ඇතිව ලියනවාට වඩා නියමිත ප‍්‍රශ්න 4ම සාමාන්‍ය මට්ටමින් හෝ ලිවීම නුවණැති ක‍්‍රියාවක් වේ. ප‍්‍රශ්න 4ට අමතරව තවත් ප‍්‍රශ්නයකට පිළිතුරු ලිවීමද නිෂ්ඵල කි‍්‍රයාවකි. Answer all questions.
Related:
Memory tips – කරුණු දිගුකාලීන මතකයට යැවීම …
Mind maps for study, memory and to plan your activities
Forgetting curve and how to improve your memory
comments
Choose the Right Tool for the Right Task Best AI tools 2025 studentlanka.com Today many…
Are you tired of your AI-generated assignments, emails, or reports sounding like a robot? Humanise…
A cinematic wide shot of a winding mountain road in Sri Lanka's central highlands, surrounded…
Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…
Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…
by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…