• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition
You are here: Home / Courses / ලංකා-ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය- පූර්ණ හා අර්ධ කාලීන පාඨමාලා

ලංකා-ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය- පූර්ණ හා අර්ධ කාලීන පාඨමාලා

April 28, 2010 By Hiran Leave a Comment

ලංකා-ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය- පූර්ණ හා අර්ධ කාලීන පාඨමාලා දැන ගැනීමට පිවිසෙන්න.

German Technical Training Institute – Courses

මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රය ගැන ඔබ දන්වාද ……….

බොහෝ තරුණ තරුණියන්ට තමන්ට සුදුසු ඉහල වැටුපක් ලැබෙන විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් තියෙන ක්ෂේත්‍ර හඳුන ගන්න නොහැකිවෙලා තියෙන්නෙ ඒ පිළිබඳ දැනුවත් වීමක් නොමැති නිසා. ඕනම කෙනෙක්ගෙ මුළු ජීවිතයම රඳාපවතින්නෙ තමන් තරුණ කාලෙ තෝරගන්න ක්ෂේත්‍ර මත. ඒ නිසා තරුණ තරුණියන් වෙනුවෙන්ම වෙන්වුනු දිණමිණ Y අතිරේකයේ මේ ලිපි පෙලේ අරමුණනත් තරුණ ඔබ විවිධ ක්ෂේත්‍ර පිලිබඳව දැනුවත් කරන එක.
බොහෝ අයගෙ දැනුවත් භාවයක් නොමැති උනත් මෝටර් රථ කාර්මික (Automobile) ක්ෂේත්‍රයත් ඉහල වැටුපක් ලබා ගන්න පුළුවන් රැකියා අවස්ථාවන් බහුල ක්ෂේත්‍රයක්. අද භාවිතයට පැමිණිලා තියෙන නවීන තාක්ෂණයෙන් යුතු විවිධාකාර රථ වාහන නිසා මෝටර් රථ නිෂ්පාදනය හා සේවා සැපයීම් සෘජුව හා වක්‍ර රැකියා අවස්ථා රැසක්ම බිහිවෙලා තියෙනවා. මේ නිසා මේ ක්ෂේත්‍රය තුල ජාත්‍යාන්තරව පිලිගත් පුහුණුවක් ලැබූ අයට තියෙන්නෙ ඉහල ඉල්ලුමක්.
මේ නිසා මේ ක්ෂේත්‍රයට ඇතුලත් වෙන්න ඔබත් කැමති නම් ඒ පිලිබඳව නිසි පිලිගත් සම්මතයන්ට යටත්ව පුහුණුවක් ලබා ගන්න ඕන. ඒ අකාරයේ නිසි පුහුණුවක් ලබා දෙන ආයතන රැසක්ම අපේ රටෙත් පිහිටලා තියෙනවා. මේ වගේ පුහුණු පාසලකට පූර්ණ කාලීනව ඇතුලත් වෙලා වසර 3 හෝ 4ක ( අවම වශයෙන් වසරක) පාඨමාලාවක් හැදෑරීමෙන් පසු පිලිගත් ආයතනයක පුහුණු කාලයක් සම්පූර්ණ කරන ආධුනිකයකුට මෙරට මෙන්ම විදේශීයවද ඉහල වැටුපක් සහිත ගෞරවණීය රැකියාවක් ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්.
1. ලංකා-ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය / Ceylon – German Technical Training Institute

ජර්මන් ටෙක් යන නමින් කවුරුත් දන්නා මේ ආයතනය අපේ රටේ මෙන්ම ජාත්‍යාන්තරයෙත් කීර්තියක් දිනාගන්න ලොව ප්‍රමුඛ පෙලේ මෝටර් රථ කාර්මික දැනුම ලබා දෙන ආයතයක්. මේ ආයතනය මගින් මෝටර් රථ ආශ්‍රිත කාර්මික දැනුම ලබා දෙන පූර්ණ කාලීන හා අර්ධ කාලීන පාඨමාලාවන් රැසක්ම පවත්වා ගෙන යනවා. මේ ආයතනය හා පාඨමාලාවන් පිලිබඳ තොරතුරු http://www.cgtti.lk/ වෙබ් අඩවියෙන් හෝ 0112 605 625 දුරකතන අංකය මගින් ලබා ගන්න පුළුවන්.

2. ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යස ආයතනය / Sri Lanka – German Railway Technical Training Centre

රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටලා තියෙන මේ ආයතයත් මෙරට ප්‍රධාන පෙලේ මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රයේ දැනුම ලබා දෙන ආයතනයක්. මේ ආයතනය මගිනුත් පාඨමාලාවන් රැසක්ම පවත්වාගෙන යනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු 0112636422 දුරකතන අංකය මගින් ලබා ගන්න පුළුවන්

3. මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතන /Automobile Engineering Training Institute

ජපන් ටෙක් නමින් ප්‍රසිද්ධ මේ ආයතනයත් මෝටර් රථ කාර්මික දැනුම ලබා දීම වෙනුවෙන්ම ආරම්භ කරන ලද ආයතනයක් මේ ආයතනයේ පාඨමාලා පිලිබඳ තොරතුරුhttp://www.aeti.edu.lk/ වෙබ් අඩවියෙන් හෝ 0112572977දුරකතන අංකය මගින් ලබා ගන්න පුළුවන්.

4. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරිමේ දෙපාර්ථමේන්තුව / Department of Technical Education & Training

මේ ආයතනයේ රට පුරා විහිදී ඇති මධ්‍යස්ථාන මගින් මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රයට අදාල පාඨමාලා කිහිපයක් පවත්වාගෙන යනවා. ඒ පිලිබඳව තොරතුරුhttp://www.dtet.gov.lk/ වෙබ් අඩවියෙන් හෝ 011 2348897 දුරකතන අංකය මගින් ලබා ගන්න පුළුවන්.

මේ ආයතන බොහොමයක පූර්ණ කාලීන පාඨමාලා පැවැත්වෙන්නෙ මුදල් අය කිරීමකින් තොරව. මේ රාජ්‍ය ආයතන හැරුණු විට මෝටර් රථ ක්ෂේත්‍රයෙ නමක් දිනා ගත්ත පෞද්ගලික ආයතන ගනනාවක්ද පුහුණු පාඨමාලා පවත්වාගෙන යනවා. සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයෙ පුහුණු පාඨමාලාවලට මුදල් ගෙවන්න අවශ්‍ය උනත් මේ ක්ෂේත්‍රයෙ පෞද්ගලික අංශයෙ පුහුණු පාඨමාලාවන් බොහොමයක්ද නොමිලයේ පැවැත්වීමත් විශේෂත්වයක්. ඇතැම් ආයතන සිසුන් හට දීමනාවක් පවා ලබා දීම සිදුකරනවා. මේ පාඨමාලාවන් පිලිබඳව ඒ ආයතන මගින් පුවත් පත් වල පළ කරන දැන්වීම් මගින් ලබා ගන්න පුළුවන්.

මේ පාඨමාලා හැදැරීමෙන් පසුව මෝටර් රථ නිෂ්පාදන හෝ සේවා සපයන ආයතනයක රැකියාවක් ලබා ගැනීම මෙන්ම නිසි පුහුණුවක් තියෙන නිසා තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්න උනත් පුළුවන්. අතීතයෙ මේ ක්ෂේත්‍රයට බොහෝ දෙනෙක් ආවෙ නිසි පුහුණුවක් ලබලා නෙමෙයි. ගමේ “ගරාජ්” එකේ “බාසුන්නැහැ” ගාව අත් උදව්වට ඇවිත් වැඩ පුරුදු වෙලා. මේ අයට යම් දෑත් හුරුවක් තිබුනත් නවීන මෝටර් රථ සඳහා සේවය ලබා දෙන්න තරම් දැනුමක් බොහෝ අයට නෑ. තවමත් ඈත ගම්වල දකින්න ලැබෙන්නෙ ගමේ ගරාජ් එකේ මජං පිරි ඇඳුම් ඇඳගත්ත, බුලත් විටක් කාලා අපිවෙලට ඉන්න කාර්මික ශිල්පීන්. මේ බොහොමයක් වාහන අළුත් වැඩියා කරන ස්ථානත් මඩුවක් වැනි යන්තම් අටවාගෙන පවත්වාගන යන ස්ථාන. නමුත් අද කාලයේ තියෙන නවීන තාක්ෂණයෙන් යුතු වාහන සඳහා සේවාවන් සපයන්න එවැනි ස්ථාන වලට හැකියාවක් නෑ. එවැනි තැනකට තමන්ගෙ රථය බාරදෙන්න කවුරුත් කැමති වෙන්නෙත් නෑ. ඒවගේම එවැනි තැනක රැකියාවකට යන්න තරුණයෙක් තරුණියක් කවදාවත් කැමති වෙන්නෙ නෑ. මේ නිසා හොඳ තාක්ෂණික දැනුමක් සහිත නවීන දියුණු උපකරණ භාවිතා කරලා හොඳ සේවාවක් තමන්ගෙ පාරිභෝගිකයාට ලබාදෙන්න හැකියාවක් තියෙන තරුණ පිරිසට රට පුරාම හොඳ අවස්ථාවක් තියෙනවා.
සමහර විට මේ ලිපිය බලන ඔබත් එවැනි තැනක සේවය කරමින් වැඩ ඉගෙන ගන්න කෙනෙක් නම්, නැති නම් එහෙම කාලයක් වැඩ කරලා තමන්ගෙම ආයතනයක් පවත්වගෙන යන කෙනෙක් නම් ඔබටත් පුහුණු පාඨමාලාවක් හදාරලා දැනුම දියුණු කරගෙන තමන්ගෙ සේවා සපයන ස්ථානයත් වැඩි දියුණු කරගෙන තමන්ටත් හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. එහෙම අයට තමන්ගෙ රැකියාවෙ නිරත වෙන ගමන්ම අපි කලින් සඳහන් කරපු ආයතන මගින් පවත්වන අර්ධකාලීන හා සති අන්න පාඨමාලාවලට සම්බන්ධ වෙන්න පුළුවන්.
පුහුණු පාඨමාලාවකින් පසුව රැකියාවක නිරත වෙනවා වගේම වැඩිදුර අධ්‍යාපනය ලබා ගෙන උපාධිධාරියෙක් වෙන්නත් කලමණාකරුවන්, සැලසුම් කරුවන් වැනි ඉහල විධායක මට්ටමේ රැකියාවන් ලබා ගැනීමේ හැකියාවත් අද වෙන විට උදා වෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රයට තරුණයන් වැඩිපුර යොමු උනත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තරුණියන්ටත් මේ ක්ෂේත්‍රය තුලින් දිගුගමනක් යන්න හැකියාව තියෙනවා. මේ නිසා ඔබටත් මේ ක්ෂේත්‍රය පිලිබඳ ඇල්මක් උනන්දුවක් තියෙනවා නම් මේ ආයතන වලින් විස්තර ලබාගෙන පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වෙන්න. නිසැකව ඔබට හොඳ අනාගතයක් උරුම වේවි.

අසිරු වේදිත කරුණාරත්න.

වැඩිදුර තොරතුරු

https://www.facebook.com/Asiru-Karunarathna-1079402875409199/?fref=ts

Share this:

  • Click to share on Twitter (Opens in new window)
  • Click to share on Facebook (Opens in new window)

Comments

comments

No related posts.

Filed Under: Courses Tagged With: sinhala

Reader Interactions

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Primary Sidebar

Search

Student Lanka online shop

Recent Comments

  • Hiran on Download or read Biology 2020 New Edition resource books free
  • Yasiru on A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
  • Gayansa Gunathilaka on Guide to select 2025 A/L Subjects, Tuition Teachers and Classes.
  • yuhasa on Olympiad past papers – Biology, Physics, Astronomy, Science, Maths, Informatics
  • nira on Download or read Biology 2020 New Edition resource books free

Recent Posts

  • The Best AI Tools for Students and Professionals in 2025
  • How to Humanize AI Content: The Ultimate Prompt and Advice
  • AI-Powered Deep Dive: Rebuilding Sri Lanka After Cyclone Ditwah & The 2025 Landslides
  • Future-Proof Your Degree: MIT’s Free Courses for AI-Era Employability
  • Guide to Ocean University of Sri Lanka – Applications Now Open for 2025!

Copyright © 2025 studentlanka.com. All Rights Reserved.